Wednesday, May 2, 2012

අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා


බීපු බුවෙක් බාර් එකකට ආවලු. ඇවිල්ලා බාර් ටෙන්ඩර් ට කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. ඉතිං බාර් ටෙන්ඩර්ත් ඒ විදියට කරල බිල ගෙනෙත් දුන්නලු. රුපියල් 15000 ක විතර බිලක්.

එතකොට අර බුවා කියනවලු "පිස්සු කෙලින්න එපා, මෙච්චර ගෙවන්න මගෙ ලඟ සල්ලි නෑ" කියල. බාර් ටෙන්ඩර්ට මල පැනල මූට හොඳට කනට දෙක තුනක් දීල මූව බාර් එකෙන් එලියට ඇදගෙන ඇවිත් මහ පාරට දාල.

ඊලඟ දවසෙත් මේ බුවා වෙරි මරගාතෙ ඇවිත් කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. බාර් ටෙන්ඩර් කල්පනා කරලු ඊයෙ කාපු කනේ පාරවල් මතක නම් මූ ආයෙ පිස්සු කෙලින එක නෑ කියල මූ කියපු විදියට කරාලු.

අන්තිමට මූට බිල ගෙනෙත් දීලා. බිල 18000 ක්. මූ කියනවලු "අපෝ මෙච්චර ගෙවන්න මගෙ ලඟ සල්ලි නෑ" කියල. බාර් ටෙන්ඩර්ට අම්බානෙක මල පැනල. මූව ඇදගෙන එලියට ගෙනෙල්ලා හිතේ තරහ යනකම් ඇති වෙන්න අතින් පයින් නෙලලා.

ඊලඟ දවසෙත් බුවා එනවලු බාර් එකට. ඇවිල්ල කියල  "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං" කියල. එතකොට බාර් ටෙන්ඩර් අහල "ඇයි අද මට උඹ ගානෙ ශොට් එක දෙන්නෙ නැද්ද?" කියල. එතකොට මූ කියනවලු "අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා. ඒක නිසා උඹට බොන්න දෙන්නෙ නෑ"

32 comments:

  1. හැක හැක හැක... බාර් එකේ අයිති කාරය ඕලමොට්ටලයෙක් :පි

    ReplyDelete
  2. මාතෘකාව "අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා " නොදා " අපෝ උබට දෙන්න නෑ " වගෙ එකක් දැම්මනම් රසවත් බව වැඩියි මයෙ හිතෙ.

    ReplyDelete
  3. හෙ හෙ හේ....... ඌට වැටෙන්න පොවන්න තියෙන්නේ

    ReplyDelete
  4. ඌට බාර් එක වහන්න වෙන බිල් නේ යකෝ

    ReplyDelete
  5. මම හිතන්නේ බාර් ටෙන්ඩර් ඔක්කෝටම වඩා බීලා..

    ReplyDelete
  6. මල්ලි, ඔය බාර් එක තියෙන තැන පොඩ්ඩක් කියපන්. 18,000 ක බීලා ගුටි කෑවත් මොකද ?

    ReplyDelete
    Replies
    1. බිවුව නම් දුක නෑ අය්යේ. මූ මේ අනුන්ට අරන්දීලනෙ

      Delete
  7. අනෙ ්පව් බාර් ටෙන්ඩර්...

    ReplyDelete
  8. ආයෙත් ගුටි පූජාවක් තියෙන්න ඇති එහෙනම්

    ReplyDelete
  9. වැරදිලාවත් උඹ ඒපැත්තේ ගියේ නැනේව...

    ReplyDelete
  10. ඒක හෙන පවු වැඩේ හොඳේ... මොනා වුනත් ටෙන්ඩර් බුවා හොඳ එකා.

    ReplyDelete
  11. අනේ මරු අනේ...හිනාවෙලා පන ගියා....

    ReplyDelete
  12. ඊට පස්සෙ බාර් ටෙන්ඩර්ට අම්බානෙක මල පැනල. මූව ඇදගෙන එලියට ගෙනෙල්ලා හිතේ තරහ යනකම් ඇති වෙන්න අතින් පයින් නෙලලා.

    ReplyDelete
  13. හි හි හිත හොඳ පොරක් මොනා උනත්

    ReplyDelete
  14. එදා නම් අඩුවෙන් බිල එන්න ඇති.. එක්කෙනක් බිවුවේ නෑනේ.. :)

    ReplyDelete
  15. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා.

    ReplyDelete
  16. හික්ස් ...පට්ට කතාව..

    ReplyDelete
  17. හික්ස් ...පට්ට කතාව..

    ReplyDelete
  18. බාර් කාරයත් අර අසික්කිත පැට්ට වගේ එකෙක්ද කොහෙද? ඌ නම් හැබැයි වීල් කරන එක තමයි කරන්නේ.....

    ReplyDelete
  19. අපෝ.. උඹ බීවමන ගෙදර යන පාරත් අමතක වෙනවා..... :D

    ReplyDelete
  20. පට්ට පොරක් නේ !!

    ReplyDelete
  21. අත හිත චූටි මල්ලී සහ පොඩි මල්ලී ගෙනි කියල දැම්මා නම් හොඳයි.

    ReplyDelete
  22. මම හිතුවේ අද ෂොට් එක එයා දෙන්නම් කියයි කියලා.

    ReplyDelete
  23. උබට හොදටම ෂුවර්ද ඔය යකා හැමදාම ආවේ බීලා කියලා.මම බීපු කාලේ ගැන කියවෙන කතාවක් ලියවෙමින් යනවා මේ දවස්වල"සරාගේ ලෝකයේ". පුලුවන් වෙලාවක ගිහින් බලන්න...!

    ReplyDelete
  24. අර බාර් එක තියෙන තැන මට ඊයකිං දන්නනවද? හැන්දෑවට හැන්දෑවට එතෙන්ට ගිහින් ඉන්න. ඔබාටයි, ඕනයටයි, වෙනියටයි.... එක්කො ඕනෙ නෑ මුලු බ්ලොග්ලන්තෙම එවුන්ගෙ නං දාන්න වෙයි මෙහෙම ගියොත්... :D :D
    henryblogwalker the Dude

    ReplyDelete
  25. බාර් ටෙන්ඩර්ට පිස්සු

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.