කසාද බඳින ඕනෙ එකෙක්ට බැන්දට පස්සෙ අලුත් ජීවිතේකට හුරුවෙන්න වෙනවා. ඒක සිරාද කට්ටක්ද කියල නම් තීරණය වෙන්නෙ තමන්ගෙ සහකාරිගෙ හැරියට තමා.
තමන්ට තේරුම් ගන්න පුලුවන්, තමන්ව තේරුම් ගන්න ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි. අනික තමන් ජීවත්වෙන වටාපිටාව එක්ක ගෑනිට හැඩගැහෙන්න බැරිනම් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
අනික වැදගත්ම දේ තමන් ඉන්න විදියට ආදරේ කිරීම මිසක් බැඳල මිනිහව තමන්ට ඕනෙ විදියට හදාගන්න යන එක නෙමේ. ඉතිං ඔය ඔක්කොම ගත්තම මට නම් කසාද ජීවිතේ ඇත්තටම මල්.
ඒත් සහකාරි කවුරු උනත් සමහර දේවල් නම් වෙනස් වෙන්නෙ නෑ. කොයි ගෑනිටත් ශොපිං කිවුවොත් ඉතිං ඊට වඩා දෙයක් නෑ. ඔය වගේ හැම ගෑනිගෙම සිස්ටම් එකේ හාඩ්කෝඩ් වෙච්ච සමහර දේවල් තියෙනව හැම ගෑනියෙක්ටම පොදු. මේ පහල තියෙන්නෙත් ඒ වගේ දෙයක් ගැන කන්වර්සේශන් එකක්.
ඇය : අනේ අද සිකුරාද, අපි එලියෙන් කමුද?
ඔහු : එහෙනම් මම එහා පැත්තෙ කඩෙන් ආප්ප ටිකක් ගේන්නද?
ඇය : ශික්, එතන හරිම අපිලිවෙලයිනෙ
ඔහු : හරි මෙහෙම කරමු. කේෆ්සී හරි මැක් හරි යමුද? ඉක්මනට කාල එන්න පුලුවන්නෙ
ඇය : අපෝ ඒව ජන්ක් ෆුඩ් නේ. ඒව හරියන්නෙ නෑ
ඔහු : එහෙනම් පීස හට් එකෙන් ඕඩර් කරමු
ඇය : අපෝ දැන් ඒකෙ කෑම මෙලෝ රහක් නෑ
ඔහොම ඔය කතාව සෑහෙන වෙලාවක් ගිහින් තමා ඉවර වෙන්නෙ. ඔය කතාව මෙහෙම උනොත් කොහොමද?
ඇය : අද අපි එලියෙන් කමුද?
ඔහු : හරි, කොහෙද අපි යන්නේ?
ඇය : ලඟ කඩෙන් ආප්ප ටිකක් ගේමු
ඔහු : අපි එලියට ගිහින් කමුකෝ
ඇය : නෑ අපරාදේ සල්ලි, ලඟ කඩෙන් ආප්ප කමු
මෙහෙම වෙන්න රහස මොකක්ද?
හරිම සරලයි. මාසෙ මුල මාසෙම කෑමට ගානක් වෙන් කරලා (තමන්ගෙ පඩියෙ හැටියට) ඒක වයිෆ් අතට දෙනවා. දැන් කොහෙන් කෑවත් ඒ අරමුදෙලෙන් තමා කෑමට වියදම් වෙන්නෙ. කරලම බලන්න වැඩේ කොහොමද කියල.
ප.ලි. : මම අමාරුවෙන් ඉගෙන ගත්තට මේ සිස්ටම් එක දැනටම පාවිච්චි කරන උන් හුඟක් ඇති කියල හිතෙනව.
සිස්ටම් එකනම් හරියට තේරුම් අරන් තියෙනව... ඒක නෙමෙයි, උඹ බැන්ඳද?... අළුත් ජීවිතේට සුභපැතුම් !.... :)
ReplyDeleteඅෆ්ෆා අය්ය බැන්දද සුබ පැතුම් ඈ!!!
Deleteබුදු හාමුදුරුවෝ මීට අවුරුදු 2600 කට විතර කලින් ඔහොම කතාවක් කිව්වලු. සිගාලෝවාද සුත්‍රයේ, බිරිදට සලකන්න නම් ගෙදර වගකීම් පවරන්න ලු. තව තුනක් තියනවා. අවමන් නොකරන්න. ගරු කරන්න, අනාචාරයේ නොහසිරෙන්න :)
Deleteඅම්මා පා කසාද බැන්දට පස්සේ තමයි කන්නේ මොනවා ද, කොහෙන් ද කියලා තීරණේ කරන එක කොච්චර කම්ප්ලිකේටඩ් වැඩක් ද කියලා මට තේරුනේ. නැත්තම් ඉතින් අපි වගේ ඌරොන්ට මොන සෞඛ්‍ය ද?
ReplyDeleteඅම්මටසිරි! සෙල්ලං නෑ දැන් මාර වැදගත් එව්වා ලියවෙන්නේ! :D
ReplyDeleteයකෝ මෙන්න මූ බැන්ද ගමන් පවුල් කන හැටි උගන්නන්න පතින්ත් දානවා .. එල එල . . . හික්ස්
ReplyDeleteඒකට උබල වගේ අත්දැකීම් බහුල උන් කුහක කමට එහෙම දෙයක්වත් කරල අපි වගේ උන්ව දැනුවත් කරන්නේ නැනේ :)
Deleteඕකට Envelope Budgeting කියලා සුද්දා කියන්නේ... ඇන්ඩොයිඩ් / අයි පෝන් ඇප් එහෙමත් තියෙනවා... මම එකදාස් නවසිය බර ගනන්වල ඉදන් අද වෙනකල් සාර්ථකව කරනවා... :)
ReplyDeleteසෑහෙන්න වටිනවා මාරයිනේ.... හැබැයි ඉතින් හොඳ රෙදි කඩ සෙට් එකක් ලඟින්ම ගෙයක් හදන්න ඕනේ
ReplyDeleteමනුස්සයෝ බැඳපු අළුත ආප්ප කන්න එපා. හොඳ තැනකට ගිහින් කාපල්ලා.
ReplyDeleteමේ කාලේත් කන්නේ තුට්ටු දෙකේ ආප්ප නං අපේ කාලේ වෙනකොට පාං වාටි තමයි කන්න වෙන්නේ.
කතන්දර +++++++++++++++++++++
Deleteදෙයියනේ කියලා ඔය දවස්වල ගන්න ආතල් එකක් තමයි.
පහු වෙනකොට සල්ලි තිබ්බත් කෝ වෙලාවක්.
අදටත් අපි සතුටු වෙනවා ඒ කාලේ එහෙම ජීවත් උන එක ගැන.
කතන්දරට මාත් පහක් දානවා.....
Deleteදැන් ගන්න ෆන් එකක් තමයි ඉතින්....
:D
කතන්දරට මාත් පහක් දානවා......
Deleteදැන් ගන්න ෆන් එකක් තමයි ඉතින්.
:D
කතන්දර, නිශ්
Delete+++++++++++++++++
හෙහ්. තුට්ටු දෙකට මොන ආප්පද? දැන් ආප්පයක ගාණ දැක්කම පිස්සු හැදෙනවා. :P
Deleteඒකනිසා ආප්ප කියන්නෙ සිරා ආහාරයක්. :P
කතන්දරත් හරි නිශ්ත් හරි.......... තවත් එකක්, පහු වෙන කොට සල්ලි තිබුනත් කාලේ තිබුනත් දරුවෝ දෙතුන් දෙනෙක් ඉද්දි හිල්ටන් එකට ගියත් ගමේ කඩේට ගියාත් එයාලාට කවලා පොවලා ඉවර වෙද්දි හොඳ පණ ගිහින් ඉවරයි.....
Delete:D
උඹට කියන්න සතුටුයි මචං . . මම ඔය මෙතඩ් එක මේ වෙද්දිත් අති සාර්තකව අවුරුදු හතරකට වඩා කාලයක් අත්හදා බලල තියනව
ReplyDeleteහික්.....
Deleteඔය එන්නෙ ටික ටික...... තව ටික කාලයක් යද්දි තව තව ක්‍රම අපිට දැන ගන්න පුලුවන් වෙයි
ReplyDeleteෂා......හ්... මරු තියරිය.මේකට නමක් දැම්මොත් මොකෝ. ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි වගේ.
ReplyDeleteමේ දවස් ටිකට මූ සීරියස් පෝස්ට් දාන්න අරගෙන.
ReplyDeleteහික්.. බැන්දට පස්සේ උඹ හරි අමුතුයි මචං..... උඹේ ඒ වෙනසට මම ආසයි මචං
ReplyDeleteමචං.....
ReplyDeleteSame Kernel in different UIs'
කියලයි පැරැන්නෝ කාන්තාවන් ගැන කියල තියෙන්නේ.
කෑමට වගේම අනික් ඒවටත් වෙන වෙනම ගෑනිට සල්ලි දුන්නොත් සාර්තක ප්‍රතිපල ලබගන්න පුලුවන් වෙයිද ?
ReplyDeleteහක් හක් හා... රංගයා වෙනස් වෙලා තියෙන තරං :O :O
ReplyDeleteදැන් අත්දැකීම් බහුල පොරක් වෙලා නොවැ..
ReplyDeleteජය !
මෙව්වා බුක්මාක් කොරගන්ට ඕනී පෝස්ට්
ReplyDeleteපවුල් සැලසුම් ක්‍රම ගැන එහෙම ලියන්න අයිඩියා එකක නැද්ද ??
ReplyDeleteදැං දැං වැඩියෙන් මේ පැත්තට එන එක අපි වගේ අයට හොද දැණුමක් අර ගන්න පුළුවන් කාරණයක් වේවි..
ReplyDeleteදැන් ඉතින් නිතර මෙහේ එන්ඩ වෙනවා !!
ReplyDeleteදැන්වත් කරල බලන්න ඕන.
ReplyDeleteඅනේ වාසනාවන්.. තව තවත් ඔය වගේ උපදෙස් දෙන්ඩ කියලා ආයාචනා කරනවා.. බැඳ කාලෙක මගේ ලෝකයේ post ටික අත්පොතක් විදියට භාවිත කරන්න වටිනවා..
ReplyDeleteපොඩි කාලෙකට සෑහෙන්න දෙවල් ඉගෙන ගෙන නොවැ
ReplyDeleteමාසෙ මුලම කෑමට ගානක් වෙන්කරලා දෙන එක කැතයි වගේ නේ.. වයිෆ් ගේ අතට මුලු පඩියම දුන්න නම් කොහොමද?
ReplyDeleteඒකනේ. ඔය ගණන් හද හද ඉන්න ගිහාම ඔයාටත් වදේනේ. ඉතින් ඊට ලේසියි ඔයා කෙලින්ම පඩියම වයිෆ්ට දෙන්න. ඒකත් කරදර නම් ඔයා සැලරි වැටෙන එකවුන්ට් එක වයිෆ් ගේ නමට හරවන්නකෝ. :D :D
Deleteදැන් දැන් හොද උපදෙස් ලියවෙනවා වගේ
ReplyDeleteමං හිතන විදිහට නං බැඳල මුල් මාස තුන ගතකරන්න ඕනැ මුලු ජීවිතේම ගත කරන්න පුලුවං සරලම විදිහටයි. සමහරු මුල් කාලෙ දෙන්ට පුලුවං උපරිම සැපසම්පත් දීල පහුවෙනකොට මුකුත්ම නැහැ. එතකොට ගැහැනුන්ට මගුල එපාවෙනව.
ReplyDeleteසරලව ඉඳලා ටික ටික දියුණු උනාම සැප ඉබේම වැඩි වෙනවානෙ. ගෘහණිය මුදල් පාලනය/වැය කිරීම භාර ගන්නා එක ඉතා හොඳ දෙයක්. ඒක නිසා වෙන්ටැ මටත් තාම සාප්පු ගියොත් වැඩි දෙයක් නොගෙන ආපහු එන්ට හිතෙන්නෙ
දෙයියනේ කියල ඔය ෂොපින් යාම නම් ඉතින් මට අරහන්. කන්න බොන්න ඉතින් දෙන්නම කන්නේ එකම කෑම නිසා ප්‍රශ්නයක් නැහැ.
ReplyDeleteමේ බ්ලොග් එක දැන් සැමියන්ට තහනම් කරන්න වෙනවා .......... වහාම ක්‍රියාත්මක වන පරිදි එයාගේ ලිස්ට් එකෙන් මේක රිමූව් කරන්න වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනා... :D
ReplyDeleteසිරා තියරි 1ක.....:)
ReplyDelete