Thursday, March 15, 2012

ඇයි මේ පෙට්‍රල් මිල වැඩි වෙන්නෙ?



මේ දවස් වල ලංකාවෙ මිනිස්සුන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය චාමර කපුගෙදර තාමත් ක්‍රිකට් ගහන්නෙ ඇයි කියන එක. ඒකට නම් උත්තරේ දන්නේ කපුගෙදර, තේරීම් කමි‍ටුව සහ ක්‍රිකට් පාලක මණ්ඩලය තමා.


මම හිතන්නෙ ඊට පස්සෙ තියෙන ලොකුම ප්‍රශ්නය තෙල් මිල වැඩිවීම කියන එක. හැබැයි ඒ ප්‍රශ්නෙ නම් ලංකාවට විතරක් නෙමේ, මුලු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. මොකද ලෝක වෙලඳපලේ තෙල් මිල වැඩිවෙලාලු නෙ.


ඒත් ලෝක වෙලඳපලේ තෙල් මිල හැමදාම වැඩි වෙනවම නෙමෙ. අවුරුද්දෙන් අවුරුද්ද ගත්තම සාපේක්ශව තෙල් මිල ඉහල ගියත් අවුරුද්ද අතරතුර තෙල් මිලේ පහත වැටීම් වෙනව.ඒත් ඉතිං වැඩිකරාම වැඩි කරන එක විතරනෙ මෙහේ වෙන්නෙ.


කොටින්ම පිටරට වල සෘතු වෙනස් වෙද්දි මිනිස්සු තෙල් භාවිතා කරන ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ඉල්ලුම වැඩි කාල වලදි අනිවාර්යෙන්ම තෙල් මිල ඉහල යනව වගේම ඉල්ලුම අඩු කාල වලදි ලෝක වෙලඳපලේ තෙල් මිල පහත වැටෙනව.


දැන් මේ තෙල් මිල හැදෙන්නෙ කොහොමද? මේක රටින් රටට වෙනස් උනත් උදාහරණයක් විදියට ගත්තොත් රුපියල් 100ක පෙට්‍රල් ගහද්දි ඒක බෙදිල යන්නෙ මෙන්න මේ වගේ.


බදු : රුපියල් 13
ප්‍රවාහන : රුපියල් 8
පිරිපහදුව : රුපියල් 14
බොර තෙල් : රුපියල් 65


දැන් ඔය රටින් රටට තෙල් මිල වෙනස් වෙන්න ප්‍රධානම සාධකයක් තමා බදු.  බදු ඉහල රටකදි අනිවාර්යෙන්ම තෙල් මිල වැඩි වෙනවා. අනික ලංකාව වගේ තුන්වෙනි ලෝකෙ රටකදි නම් පිරිපහදුවට යන වියදමත් බලපානවා.


මොකද ඛනිජ තෙල් සංස්ථාවෙ සේවකයන්ගෙ කාර්යක්ශමතාවය, ඒ සේවකයන්ට දෙන පඩි වැඩි කිරීම, බෝනස් වගේ සියලු දේවලුත් පිරිපහදුවට යන වියදම වැඩි කිරීමට හේතු වෙන නිසා. ඒක නිසා ඒකෙනුත් වෙන්නෙ තෙල් මිල ඉහල යෑමක්.



මේ පහල තියෙන්නෙ රටවල් කීපයක 2011 වෙද්දි තෙල් මිල (මේ ගනන් හිලවු තියෙන්නෙ පෙට්‍රල් ලීටරයක මිල ඇමරිකානු ඩොලර් වලින්)


ඉන්දියාව - 1.48
ලංකාව - 1.14
එංගලන්තය  - 2.21
ස්වීඩන් - 2.34
හොංකොං - 0.78
මැලේසියාව - 0.62
බංග්ලාදේශය - 0.89
පකිස්තානය - 0.97
චීනය - 0.98
නෙදර්ලන්තය - 2.40
ඉතාලිය - 2.07
ජර්මනිය - 2.17


මේ ලිස්ට් එක බැලුවම පේන දෙයක් තමා යුරෝපයේ තෙල් මිල සාමානයයෙන් ඉහලයි කියන එක. ඒ ඇරෙන්න ලංකාව සහ ඉන්දියාව ඇරුනම අග්නිදිග ආසියාතික රටවල තෙල් මිල අඩුයි. බොහෝ දුරට ඒකට හේතුව රජයෙන් ලබාදෙන සහන.


ලෝක වෙලඳපලේ තෙල් මිල වැඩිවෙද්දි රටේ තෙල් මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෙමද? රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා රජයෙන් සහනයක් දෙන්න බෑ කියමුකෝ. ඒත් අඩුම තරමෙ පිරිපහදුවේ තියෙන කාර්යක්ශමතාවය වැඩි කරල ඉන්ධන මිල අඩු කරන්න බැරිද?


මේකත් හරියට "අය්යෝ අපිට බොලිවුඩ් හොලිවුඩ් වගේ ‍ෆිල්ම් කරන්න බෑ, මොකද උන්ට විතර අපිට සල්ලි නෑ" කියනව වගේ. මගේ ප්‍රශ්නය "තාත්විකව චරිතයක් නිරූපනය කරන්න, අඬන්න හිනා වෙන්න සල්ලි ඕනෙ නැහැනෙ. කෝ එවාවත් හරියට කරනවද?"

49 comments:

  1. මැති ඇමතිල ඕව දන්නෙ......
    we don't know why???????

    ReplyDelete
  2. කතාව ඇත්ත මම අපිත් එක්ක වැඩ කරන බ්‍රිට් කෙල්ලෙක්ගෙන් ඇහුවා එයා ජනවාරියේ එනකොට පෙට්‍රල් ලීටරයක් කීයද කියලා. පවුම් 1.30 කිව්වා.
    henryblogwalker the Dude

    ReplyDelete
  3. තෙල් මිල වැඩි වෙන හැටි කිව්වා.. හා එහෙනන් කියපං බලන්න අරක්කු මිල වැඩි වෙන්නෙ ඇයි කියලා...:-D

    ReplyDelete
    Replies
    1. අරක්කු මිල කෙසේ වෙතත් සෝඩා මිල වැඩි උනොත් වැඩි වෙන්නේ පසන් අයියලා වගේ කට්‍ටිය නිසා! :D

      Delete
    2. හියැක් හියැක්.....ඇයි ‍කොකාකෝලා

      Delete
    3. ඇයි ඌ නොබී බයිට් එකටයි කෝක් එකටයි බහින එකෙක්ද ? තියන්න වටින් නෑ.

      Delete
    4. පූසා, පසනා නිසා මොකද බොල සෝඩා වැඩි වෙන්නේ

      අනේ නැහැ ඔබා මාමේ මූ බයිට් සැන්ඩි නැතුව හරි බෝතලේ ඉවර කරන එකෙක් :-D

      Delete
    5. පසනට අමුවෙන් කාලක් බාගයක් තිබුන නම් ඇති

      Delete
    6. මේ සෝඩා බිවුවට කමක් නෑ කොකාකෝලා,ස්ප්‍රයිට්,පෙප්සි බොනවා නෙමේ ඔන්න,සෝඩා නැත්නම් කවලම් කරපල්ලා වතුර

      Delete
    7. කොකා කෝලා බීලා දේශද්‍රෝහියෙක් වෙන්න එපා...

      Delete
  4. පිරිපහදුවේ කාර්යක්ෂම තාවය වැඩි කරන්න? පිස්සු කියනවා! රට ගැන හිතලා වැඩ කරන දේසපාලයකෝ වැඩියෙන් උන්නනම් ඕවා කරන්න පුළුවං වෙයි. අපේ රටේ ඉන්න දේසපාලකයෝ වැඩ කරන්නේ උංගේ බඩ ගැන හිතලා. රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ. උංගේ බලේ නැතිවෙන්න ගියොත් විතරයි උන් අවුල් වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. දේශපාලකයො නෙමේ බං දේසපාලුවෝ

      Delete
  5. අහන්න හිටිය එක අහලා පසන්.....

    ReplyDelete
  6. වැදගත් තොරතුරු ටිකක්.

    මම නං කියන්නෙ අපිම ලෝක වෙළදපොලට ගිහිං තෙල් ගහගත්තනම් ඉවරයිනෙ... එතකොට ඔය පිරිපහදුයි, බදුයි මුකුත් නෑ....

    ඇත්තට ලෝක වෙළඳ පොලේ කොතනින්ද තෙල් ගන්නෙ.... ලෝක වෙඳල පොල කියන්නෙ අර කොටුවෙ ස්ටේශන් එකට මෙහා පැත්තෙ තියෙන එක නේද?

    ReplyDelete
    Replies
    1. එතෙන්ට ගිහිං බොරතෙල් ලීටරයක් ඉල්ලලා බලහං

      Delete
  7. ප්‍රශ්ණ විසදුවම ප්‍රශ්ණ හරහා අපිට ගන්න තියෙන වාසි නැතිවෙනව..අනික් කාරනේ නිකම්ම බොරු කියල අන්දන්න පුලුවන් මිනිස්සුන්ට මොකටද ප්‍රශ්ණ විසඳල ආතල් දෙන්නෙ??

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න විසඳුවොත් ඊලඟ චන්දෙදි දෙන්න පොරොන්දු නැතිවෙයිනෙ බං

      Delete
  8. වටිනා දෙයක් අනේ එත් ඉතිං මං ඔව්ව හොයන්න යන්නේ නැහැ ඕක මොක උනත් මිනිස්සු වාහන පාරට දානවනේ අන්න එකනේ

    ReplyDelete
  9. වැදගත් ලිපියක්. මම යනව මැලේසියාවට.
    //"තාත්විකව චරිතයක් නිරූපනය කරන්න, අඬන්න හිනා වෙන්න සල්ලි ඕනෙ නැහැනෙ. කෝ එවාවත් හරියට කරනවද?"//නියම කියමන!

    ReplyDelete
  10. මම නම් කල්පනා කලේ හොඳ වෙලාවට තෙල් අරාබියෙනුයි , වාහන(බහුතරයක් ) ජපානෙනුයි(+ චීනේ/ඉන්දියා ) ආවේ බැරිවෙලාවත් ඇමරිකාවෙන් ආවනම් දේශප්‍රෙමී ජනතාව වශයෙන් වර්ජනය කරල ගොන් කරත්ත වල තමා යන්න වෙන්නේ

    කපුගෙදර ගැන නම් මට හිතෙන්නේ ඇයි තාම ක්‍රිකට් ගහන්නේ කියල නෙවෙයි , ක්‍රිකට් ගහන්න බැරුව තාම ටීම් එකේ ඉන්නෙ ඇයි කියලා

    ReplyDelete
    Replies
    1. අද නම් ඌ නැති හින්දද කොහෙද පරදින්නේ........

      Delete
  11. අන්තිමට මාලදිවයිනේ වගේ පඩියෙන් සීයට ගානක් කපාගන්න තත්වයක් එනවා මෙහෙටත්.. කාර්යක්ෂම කම ගැනනම් කියලා වැඩක් නෑ..

    ReplyDelete
  12. ලංකාවේ තෙල් වැඩි ඔය හේතු උඩ නෙමෙයි. දුම් රිය දෙපාර්තමෙන්තුව. විදුලි බල මණ්ඩළය, ආරක්ෂක අමාත්‍යංශය, මිහින් ලංකා හා ශ්‍රී ලංකන් එයාර් එකට නොමිළේ තෙල් බෙදන නිසා.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මට ඒක අමතක උනා මචං. ඉස්තුතියි මතක් කරාට

      Delete
  13. ආ මට මටක උනා.. මචං උඹ දන්න කවුරු හරි ඉන්නවනම් මටත් පොඩි චාන්ස් එකක් අරන් දියන්කෝ. මටත් පුළුවන් ක්‍රිකට් ගහන්න..

    ReplyDelete
    Replies
    1. බෙඩ් ක්‍රිකට්ද ?
      පොකෙට් බිලියර්ඩ් බැරිද ?

      Delete
    2. වන් බම්ප් ගහන්න චාන්ස් එකක් අරන් දෙන්නද?

      Delete
  14. අම්ම්ටහුඩු, මෙන්න මුට ජිවන බර මතක් වෙලෝ... :ඩි

    ReplyDelete
    Replies
    1. මට පෙට්‍රල් ගනන් ගිය එක තදට දැනුනේ මීටර් ටැක්සි කාරයෝ කිලෝමීටරේට ගාන 30 ඉඳන් 35 කරපු දවසෙ :D

      Delete
  15. රංගය කාසද බැඳල හෙම දෙසපාලනේට බහින්න හිතා ඉන්නව වගේ

    ReplyDelete
    Replies
    1. තාම නං හිතල නෑ අංකල්, ලොකු උනාම කසාදයක් එහෙම බැඳල ඊට පස්සෙ හිතල බලන්න ඕනෙ

      Delete
    2. ලොකු උනාම??? නාකි උනාම කියපන් :-D

      Delete
    3. රංගයියේ මොකක් ලොකු වෙනකංද තව බලං ඉන්නේ? :D

      Delete
    4. බඳිනවනං ඉතිං ඇහැට කනට පේන්ඩ තියෙන්ඩ එපැයි

      Delete
  16. ලෝක වෙළඳපලේ ශාකාවක් මෙහෙත් අරින්න බැරිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ශාඛාව කියලා ලියලා තියෙනවා වැරදි.... මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ...

      Delete
  17. මෙහෙත් දවසින් දවස තෙල් මිල වෙනස්. අඩු වැඩි දෙකම වෙනවා. හැබැයි ලංකාවට වැඩිය වැඩි උනත්, මෙහෙ ආදායම එක්ක බැලුවම සමස්තයක් හැටියට ඒ ඉහල යාම එච්චර දැනෙන්නේ නැහැ.

    කපුගෙදරට නම් ලැජ්ජාවක් කියල නාමයක් වත් නැතිව ඇති කියල මට හිතෙනවා.

    ReplyDelete
  18. අසේල බයිල කියන්න එපා කොලොන්නාවේ පිරිපහදුවේ ගේට් එක ගාව තියෙන පිලිගැනීමේ නිලදාරි ඉන්න තැන් ඉන්නව 50ක් විතර වැඩට.. ත්‍රිකුණාමලයේ IOC එකේ මුළු කාර්ය මණ්ඩලයම 20ක් වගේ ගනක්..

    ReplyDelete
  19. අසේල බයිල කියන්න එපා කොලොන්නාවේ පිරිපහදුවේ ගේට් එක ගාව තියෙන පිලිගැනීමේ නිලදාරි ඉන්න තැන් ඉන්නව 50ක් විතර වැඩට.. ත්‍රිකුණාමලයේ IOC එකේ මුළු කාර්ය මණ්ඩලයම 20ක් වගේ ගනක්..

    ReplyDelete
  20. අර ආතල් කෙනා කිව්ව හේතුව නෙවෙයි එහෙනම්...හ්ම්ම්ම්ම්ම්ම් මට දැන් නම් පොඩ්ඩක් නින්ද යයි එහෙනම්...:DD

    ReplyDelete
  21. බයිසිකලයක් පදින්න ගනින් රංගයියේ ඔය ප්‍රශ්නේ ඉවරයි

    ReplyDelete
  22. අපිට අඩුවෙන් දෙන එක හොදා නොවැ...

    අපේ එකාල කෑගහන්නේ දූෂණය වංචාව වගේ කරුනුත් අල්ලා... ඒකයි සැර වැඩි..

    ReplyDelete
  23. මරු ඈ... මොකෝ චන්දේ ඉල්ලන්න හදනවද...

    ReplyDelete
  24. ඕකම තමා මාත් මෙතන කිවුවෙ http://petaratasetaleyame.blogspot.com/

    ReplyDelete
  25. මේක අර උන්දැලා කවුරු හරි දැක්ක නම් කියයි
    බලාන්න දියුනු රටවල් වල ඉන්ධන මිල වැඩියි අපි දියුනු රටක් වෙන්න ඕනි නම් ඉන්ධන මිල වැඩිකරන්න ඕනි කියලා......
    අම්මෝ.....................

    ReplyDelete
  26. ඉන්ධන මිල වැඩිවීම අඩුවීම සුත්‍රයකට බාරදී පැත්තකට වී සිටීමට දැන්වත් ආණ්ඩුවට නුවන පහල වී ඇති දැන ගන්නට ලැබීම සතුටට කරුණකි.
    අප රට තුල නම් ඉන්ධන මිලට නාස්තිය, දුෂණය වැනි සුපුරුදු ඒවාට අමතරව අපේ අපේ පරණ පිරිපහදුවේ කාර්යක්ෂමතාව අඩු වීමද බලපා ඇත. මෙය බැරල් 100, 000 දක්වා upgrade කිරීමට දැනට වසර කිහිපයකට කලින් ඉරානය සමග ගිවිසුම් අත්සන් කලද එයට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටළු නිසා එම අවස්ථාව ගිලිහි ගොස් ඇත (අලුතින් ඉරානයට පැටවූ සම්බාදක). මේ කාර්යට ඩොලර් බිලියන 1-2 අවට ප්‍රමාණයක් යන බව මිස නිවැරදි අගයක් කියන්නට මම දන්නේ නැත.

    එසේම ලංකාවේ පැට්‍රොල් මිල කෘතිමව වැඩි කර ඇති අතර භූමිතෙල් හා ඩිසල් මිල අඩු කර ඇත. පෙට්රෝල්, ඩිසල්, භූමිතෙල් යන ඉන්ධන තුනෙන් මිල වැඩිම එක ඩිසල්ය. ඊලගට භුමිතෙල්ය. අඩුම එක පෙට්‍රොල්ය. මේ යන ආකාරයට ආණ්ඩුවට මේ මිල මෙලසම පවත්වා ගැනීමේ හැකියාව අඩු වන බව පෙනේ (කව්රු මොන ආකාරයෙන් උද්ගෝෂණය කලත්). ආණ්ඩුව තම සියලු නාස්ති දුෂණ නැවත්වුවත් මේ සෙල්ලම ආණ්ඩුවට තව දුරටත් කල නොහැක.

    ReplyDelete
  27. //"තාත්විකව චරිතයක් නිරූපනය කරන්න, අඬන්න හිනා වෙන්න සල්ලි ඕනෙ නැහැනෙ. කෝ එවාවත් හරියට කරනවද?"//

    අයිය මගුලක් කතා කරනව හොදට ගෙව්වෙ නැත්තන් අපේ නළු නිළියන්ගෙන් කදුළු බින්දුවක් ගන්න හම්බවෙන්නෙ නෑ මලාට.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.